Monday, January 9, 2012

අවාසනාවන්ත කැහැටු කොල්ලාගේ කතාව

නව සංශෝධිත මුද්‍රනය
දෙවන කොටස.
ආරම්භය: මාසයකට පෙර.
ඉස්කෝලේ හාමිනේ මට ආදරය ප්‍රකාශ කලාට පසු...

අලුත් කතාව කොහොම කොහාට යයිද කියල තීරනය වෙන්නෙ ඔයා මත. මේ කතාව දැන් දවස් ගානක් තිස්සේ කියවලා ඔයා මම ගැන
මොනවා හිතාගෙන ඉන්නවද කියල මම දන්නෙ නැහැනේ. කැමතිනම් ඔයගෙ කනගාටුව, අප්‍රසාදය, හෝ බය... එහෙමත් නැත්නම් වෙන මොනවම හරි අදහසක් තියෙනවනම් කියන්න. කියන්න බැරි නම් මුකුත්ම නොකිය හිටියත් කමක් නැහැ. මම ඕන තරම් හිත රිදව ගෙන තියෙනවා.

phone numbers වෙනස් කරන්න කලබල වෙන්න එපා. අවුරුදු 21 ක් ඔයා අතුරුදහන් වෙල හිටිය වගේ, ජීවත් වෙන්න තියෙන ඉතුරු ටික කාලයට මම අතුරුදහන් වෙන්නම්. මගෙ බලාපොරොත්තුව කොහොමත් තව රටකට මාරුවිමක් හදාගෙන යන්න. එහෙම ගියොත් දැනට ඉන්න ගෙදරත් විකුනල තමයි යන්න වෙන්නේ. අවුරුදු 3 ගානෙ රටවල්
6 ක වැඩ කලොත් මගෙ pension එකට කාලේ හරි. pension ගත්තට පස්සෙ දැන් ඉන්න state එකේ ඉන්නත් මගේ අදහසක් නැහැ. වෙන කොහේ හරි tax අඩු state එකකට හරි එහෙමත් නැත්නම් මගෙ අදහසක් තියෙනව අප්‍රිකාවේ රටකට හරි යන්න.

ඔයා e-mail අරගෙන මේ බ්ලොග් එක කියවන කොට චිරාත් කාලයක් යන්න පුලුවන් වෙන එකත් බැලුවම හොඳ දෙයක් නේද? කිසිම දෙයක් හංගන්නේ වත් වෙනස් කරන්නෙ වත් නැතුව ලියල තියෙනවා. මට ඔයා හිතාගෙන හිටපු තරම් හොඳ අහිංසක මිනිහෙක් (පෙම්වතෙක්) වෙන්න, ඒ වගේ ප්‍රතිරූපයක් හදාගන්න බැරිවීම ගැන කනගාටුයි. ඒකට මට සමාවෙන්න. ඒත් මේ වයසෙදි හරි මේ ලෝකෙ කවුරු හරි මගේ ගැන
දැනගන්නත් ඕන නිසයි මේ ඔක්කොම ලියුවෙ. කියන හැම දෙයක්ම ඇත්ත වුනාට හැම ඇත්තක්ම කියන්න හොඳ නැති බව නොදන්නවා නෙවෙයි. නමුත් මගේ පොඩිවුන් දෙන්නා තව ටිකක් ලොකුවුනාම, මට තවත් නැතිවෙන්න - ආසාවල් බැඳීම් ඇතිකරගන්න යමක් තියෙනවනම් ඒ එකම එක දෙයක් විතරයි. ඒ මොකක්ද කියල කන්නාඩියක් ලඟට ගියොත් ඔයාට බලාගන්න පුළුවනි. ගිහින් බලන්න. 

මොනව වුනත් දීපා, අමතක කරන්න එපා, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

සසර පුරා මෙහෙම අපිට වැරදිලා ඇති... මට දුක මගේ ගැනම තමා....

හෙට ඉඳල මගෙ ගම කතාව මට ඉඩ ලැබෙන හැටියට ලියාගෙන යන්නම්. ඒත් තවත් ඒකෙ ලියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද?   

1 comment:

  1. අකමැත්තක් නැත්තම් ඔයාගේ ජීවිත කතාව ඉස්කොලෙ හාමිනේ.. මේ දේවල් නිරවුල්ව ඉදිරිපත් කරන්න පුළුවන් ද...

    මම දන්නවා,මේ පෞද්ගලික බ්ලොග් එකක් වගෙයි..නමුත් ඔය කතාව ටිකක් වෙනස්...

    වැරදීම් හැමෝටම වෙනවා... ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ කියලා මටත් හිතුන කාලයක් තිබුනා... නමුත් ඒවා දැන් අතීතයට භාරයි.

    ReplyDelete