Sunday, January 8, 2012

අවාසනාවන්ත කැහැටු කොල්ලෙකුගේ  ආදරය සොයා ගිය කතාවල කනගාටුදායක අවසාන කොටස.

මම පිටරට හිටපු දවස් වල අපිත් එක්ක අපේ බොස් කෙනෙකුත් හිටිය. boss කිව්වට මෙයා බොසියක්. අපිට එකට වැඩ කරන්න තිබුනට අපි නැවතිල හිටියේ ගෙවල් දෙකක. ලංකාවෙන් ගිය වෙන කවුරුවත් හිටියෙ නැති නිසා අපිට එකට shopping යන්න එහෙමත් වුනා. trip එකේ අන්තිම හරිය වෙනකොට අපි දෙන්න ටිකක් සමීප වෙල හිටියා කියල හිතාගන්නකො. I promise, there is nothing intimate happened between any of those girls/women and me. අපි ආපහු ලංකාවට ආපු ගමන් මේ යෝධි කසාද බඳින්න කතාව. මාස ගානක් එකට (අ) වැඩ කරපු පලියට එහෙම කරන්න පුලුවන්ද? නේද? අනික මම හැම වෙලාවෙම අතේ දුරින්ම නැතත් "අරකට" වඩා දුරක් තියාගෙනත් ඉඳල.

ඕක ගැන මම වැඩකරපු තැන අනිත් උදවියගෙනුත් තර්ජන ගර්ජන අවවාද උපදෙස් ගලාගෙන ආව. විශේෂයෙන්ම අපි එක්ක හිටපු අවිවාහක 45 පැනපු කාන්තාවෙ දෙන්නෙක් සහ පරිපාලනයේ උදවිය බොහොම උරණ වෙලයි හිටියෙ. මේ මනුස්සයා පව්, ඉඩම් අරන් ගෙවල් හදල පඩියෙන් ජීවත් වෙනහැටිත් ගනන් හදලයි තිබුනෙ. අන්තිමට මගෙන් උනන්දුවක් නැති නිසාම, මට ලං වෙච්ච අනිත් අය වගේම මෙයත්
බැන්දා. දැන් හරහට උස ගිහින් දරු මල්ලොත් හදාගෙන සතුටින් ජිවත් වෙනබවයි ලංකා පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙයා කසාදෙන් පස්සේ ඉස්සෙල්ලම වැඩට ආපු දවසේ මට කිවුවා එයාගේ අලුත් හබී සමග සංසර්ගයේ යෙදෙන එක වරකදි තුන් හතර වතාවක්ම සුරතාන්තයට පත්වෙන බව. අවසර කල් රහස් තැන ලැබුන පලියට වරදේ නොබැදුනාට මට ලැබුන සහතිකය තමයි ඒ. තාමත් එහෙමද දන්නේ නැහැ. කතාව පටන් ගත්ත නිසා මා ගැනත් ලියන්නම්කො. මමනම් ඔය වැඩේට එච්චරම දක්ෂයෙක් නෙවෙයි. වරදවා වටහා ගන්න එපා. නොහැක්කක් නොමැත. නමුත් පම්පෝරි ගැසීමටද නොහැක.

ඉතින් ඊට පස්සේ තමයි මටත් හිතුනේ (තේරුනේ=වැටහුනේ=අවබෝධ වුනේ=මීටරේට වැටුනේ=*?*) මෙහෙම ගියොත් මටත් කවදාවත්ම හොඳක් වෙන්නෙ නැහැ කියලා. බලන්න පින්වතිය, මේ අවාසනාවන්ත තරුණයාට අන්තිමට වෙච්ච දේ. ඒ තරුණයා ආදරේ කරපු දෙන්නෙක් හිටියා. ඒ තරුණයාට ආදරේ කරපු අයත් හිටියා. ඒ තරුණයාට ආදරේ කරන්න උත්සාහ කරපු අයත් හිටියා. ඒ තරුණයා ආදරේ කරන්න උත්සාහ කරපු අයත් හිටියා. නමුත් අවසානයේදී ඒ තරුණයා පෙර ආත්ම වල හෝ මේ ආත්මයේම කරපු කර්ම ඵල අනුව කතා කරපු කසාදයක් කරගන්න තීරනය කරණවා. තේරෙන බාසාවකින් කියනවනම් proposal එකකින් මේ කතාව ඉවර වෙනවා පින්වතිය.

බලන්න ගිය එකම කෙල්ල දැකල මාසතුනකින් බැන්දා. ඊට අවුරුදු කිහිපයකට පස්සෙ උපන් රටත් අත හැරල තිබුන එකම ඉඩමත් විකුනල
මුහුදු හතකුයි, කඳු හතකුයි, වනාන්තර හතකුයි පහුකරල කාත් කවුරුවත් නැති රටකට ආව.

2 comments:

  1. // මෙයා කසාදෙන් පස්සේ ඉස්සෙල්ලම වැඩට ආපු දවසේ මට කිවුවා එයාගේ අලුත් හබී සමග සංසර්ගයේ යෙදෙන එක වරකදි තුන් හතර වතාවක්ම සුරතාන්තයට පත්වෙන බව //
    ලන්කාවෙ ගෑනියක් මේ වගේ කතාවක් කිව්වා කියන එක හරිම පුදුමයි.
    හොඳ වෙලාවට ඒකිව බැන්දෙ නැත්තෙ.

    ReplyDelete
  2. @ Ano,
    බොහොමයක් වෙලාවට සැබෑව ප්‍රබන්දයට වඩා අරුමයි. ඔබ මේක අහල පුදුමයට පත් වුනා වගේම මමත් මේක අහපු වෙලාවේ කම්පනයකට පත් වුනා. මට තාම මතකයි කියපු වෙලාව කියපු තැන... මම වාඩි වෙලා ඉන්න lab කාමරයයි ඊට යාබද කාමරයයි යා කරන දොරවල් දෙක අතර මම හිටගෙන හිටියේ. මෙයා මගේ කාමරේට එන දොරෙන් ඇවිත් මගේ ඉස්ස‍රහා හිටගෙන මගෙන් ඇහුවා කොහොමද කියල. මම කිවුවා මමනේ අහන්න ඕන අලුත් පවුල් ජීවිතය කොහොමද කියල. ඒ අතරේ තමයි ඔය ටික කිවුවේ. මට තාම මතකයි, ඔය ටික කියද්දී එයාගේ කටහඬ බිඳුනා, හරියට උගුර කට වේලිලා වගේ. සමහර විට ඒ මොහොතේත් එයා ලිංගික උද්දීපනයක් ලබන්න ඇති කියල මට දැන් හිතෙනවා. මටත් කියාගන්න දෙයක් නැතුව ගියා. I was shocked too.
    මගේ පොස්ට් එකේ ලියපු දෙයිනුයි එයා කියපු දේයි අතර එකම වෙනස "සුරතාන්තය" වෙනුවට "ගියා" හරි "ආව" හරි වගේ වෙන වචනක් පාවිච්චි කරපු එක විතරයි. පුදුම වෙන්න එපා, මේක තමයි සැබෑව.

    ReplyDelete